සසප මැතිවරන අපේක්ෂකයන්ට එරෙහි මිලිටරි තර්ජන නතර කරනු!

සසප මැතිවරන අපේක්ෂකයන්ට එරෙහි මිලිටරි තර්ජන නතර කරනු!

Started
2 August 2020
Petition to
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් and
Signatures: 57Next Goal: 100
Support now

Why this petition matters

Started by SEP Sri Lanka

හිතවත් සහෝදරය/සහෝදරිය,

යාපනය දිස්ත්‍රික්කයෙන් 2020 මහ මැතිවරනයට තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂ (සසප) අපේක්ෂකයන්ට එරෙහිව මිලිටරිය හා පොලීසිය සිදු කරන හිරිහැර වහාම නවත්වන ලෙස ආන්ඩුවට බල කිරිමට පහත විද්‍යුත් පෙත්සම අත්සන් කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. යාපනය දිස්ත්‍රික සසප අපේක්ෂකයන්ගේ නිවෙස්වලට පැමිනි මිලිටරියේ හා පොලීසියේ පුද්ගලයන්, ඔවුන්ගේ හා ඔවුන්ගේ පවුල්වල පුද්ගලික තොරතුරු ලබාගැනීමටත් ඔවුන්ව ඡායාරූපගත කිරීමටත්, අත්තනෝමතික ලෙස උත්සාහ දරා තිබුනි. මේ හිරිහැර කිරීම් ගැන වැඩිදුර දැනගැනීමට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ  "ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදීන්ට අත නොතබනු" යන හිසින් පළවූ ලිපිය කියවන්න.

ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදීන්ට අත නොතබනු
යාපනයේ සසප මැතිවරන අපේක්ෂකයින්ට එරෙහි මිලිටරි හිරිහැර නතර කරනු
සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
30 ජූනි 2020
https://www.wsws.org/si/articles/2020/06/30/sepl-j30.html

මේ පෙත්සම ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාට හා මැතිවරණ කොමිසමේ සභාපති වරයාටයිග එය පහත පරිදිය:

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හා හා මැතිවරණ කොමිසමේ සභාපති වෙත,

නිසි ක්‍රියාදාමය සම්පූර්න කිරීමෙන් පසු මහ මැතිවරනයට තරඟ කිරීම ඡන්ද අයිතිය හිමි පුද්ගලයෙකුට හෝ ඕනෑම දේශපාලන පක්ෂයකට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම නිසා, උතුරු පලාතේ සසප අපේක්ෂකයන්ට එරෙහිව මිලිටරිය හා පොලීසිය සිදු කරන හිරිහැර, එම මූලික අයිතීන් නිහීන ලෙස උල්ලංඝනය කිරීමකි.

සසප ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම් හා පක්ෂයේ අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට එරෙහි තර්ජන අවසන් කරන ලෙස ඉල්ලමින්, එහි ප්‍රධාන ලේකම් විජේ ඩයස් 2020.06.20 දින ඔබට ලිවීමෙන් පසුවත් මෙම හිරිහැර කිරීම් අඛන්ඩව සිදුවන බව අපි සඳහන් කරමු. දේශපාලන ක්‍රියාකාරීන්ට සිදුවන මේ හිරිහැර මැතිවරණයෙන් පසුවත් ක්‍රියාත්මක වීමේ අනතුරක්ද අපි දකිමු.

සසප අපේක්ෂකයන් මිලිටරි-පොලිස් හිරිහැර කිරීම්වලට බඳුන් කිරීම වහා ම නවත්වා ඔවුන්ගේ මූලික, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරන ලෙස අපි ඉල්ලමු.

විරෝධතා සටහන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවිය යුතු අතර එහි පිටපත් මැතිවරන කොමිසමේ සභාපතිට සහ සමාජවාදී සමානතා පක්ෂයට එවන්න.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්:

විද්‍යුත් තැපෑල:secdefence@defence.lk

ෆැක්ස්: +94 11 2541529

මැතිවරන කොමිෂන් සභාවේ සභාපති

විද්‍යුත් තැපෑල: Chariman@elections.gov.lk

ෆැක්ස්: +94 11 2868426

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

විද්‍යුත් තැපෑල: wswscmb@sltnet.lk

ෆැක්ස්: +94 11 2869239

Support now
Signatures: 57Next Goal: 100
Support now
Share this petition in person or use the QR code for your own material.Download QR Code

Decision-Makers

  • ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්
  • මැතිවරන කොමිෂන් සභාවේ සභාපති
  • සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)